Wednesday, August 14, 2019

උඩවලව ජාතික වනෝද්‍යානය 

   සබරගමු පළාත සහ ඌව පළාතට මායිම්ව පිහිටන උඩවලව ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් කාගේත් අවදානය දිනා ගත් වනෝද්‍යානයකි.
                      මෙම වනෝද්‍යානය විශාලත්වය හෙක්ටයාර  30821 වූ අතර 1972 ජූනි 30 දින පිහිටුවන ලදී.
                      මෙම වනෝද්‍යානය අලි ඇතුන් සදහා ප්‍රසිද්ධ වන අතර අලි ඇතුන් විශාල ප්‍රමාණයක් නරඹන්නට දැක ගත හැකි වෙයි.  නොයෙක් පක්ෂීන්,මත්ස්‍යයින්,උරගයින් වැනි  සත්ව විශේෂයන්ගෙන්ද සමන්විත වන මෙම පරිසර පද්ධතියට මනුෂ්‍ය ජනාවාස,හොර දඩයම්,මැණික් කැණීම්, නීති විරෝධී ඇතුලු වීම්,අධික උලාකෑම් සහ හේන් ගොවිතැන් කිරීම් වැනි කටයුතු මගින් තර්ජන එල්ල වී ඇත.